2025 පෙබරවාරි මස 23 පෙ.ව. 12:54 - {{hitsCtrl.values.hits}}
ඔරලෝසුවක් ස්ථාපිත කිරීමේදි ජාන කරන කාර්ය සොයා ගැනීමට ජෙෆ්රි සී. හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් ඩබ්. යන්ග් යන ජාන විද්‍යාඥයන් තිදෙනා සමත් වූ බවත් එමගින් නින්ද, ආහාර රටා, හෝර්මෝන සහ ශරීර උෂ්ණත්වය නියාමනය කරන බවත් නොබෙල් සභාව ප්‍රකාශ කළේය.
වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය දිනාගත් ජාන විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින් ශාක, සත්වයන් හා මනුෂ්‍යයන් ඔවුන්ගේ ජෛව රිද්මයට හැඩ ගැසෙන ආකාරය සහ පෘථවියේ පරිභ්‍රමණය සමඟ සමමුහුර්ත වන ආකාරය පැහැදිලි කර තිබෙන බව එම සභාව තවදුරටත් කීවේය.
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) ඔවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක් ඔවුන් තිදෙනාට හිමි වේ.
(ඒ.එෆ්.පී-055)
![]() |
diary Read more... |