හීලියම් නිධානයක් සොයා ගැනේ

2025 පෙබරවාරි මස 23 පෙ.ව. 08:38 - {{hitsCtrl.values.hits}}  

ලොව පුරා හීලියම් සැපයුම වේගයෙන් පහළ යමින් පවතින වටපිටාවක ටැන්සානියාව ආශ්‍රිතව විශාල හීලියම් ගෑස් නිධියක් හමුවී ඇති බව විද්‍යාඥයෝ පවසති.

රෝහල් ආශ්‍රිත MRI ස්කෑන් යන්ත්‍ර, අභ්‍යවකාශ යානා හා විකිරණ නිරීක්ෂණ කටයුතු සඳහා හීලියම් යොදාගන්නා අතර, දැනට ඉන්ධන හා ගෑස් ලබාගැනීම සඳහා සිදුකරන කැණීම්වලදී ඉතා අවම වශයෙන් හීලියම් වායුව එකතු කර ගැනීමක් සිදුවෙයි.

ඒ අනුව, මෙම නව ගවේෂණයක් තුළින් ටැන්සානියාවේ, නැගෙනහිර අප්‍රිකානු රිෆ්ට් නිම්නයේදී මෙම හීලියම් නිධිය සොයාගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. ඔවුන් විශ්වාස කරන ආකාරයට මෙහි පවතින හීලියම් MRI ස්කෑනර් යන්ත්‍ර මිලියනයක් සඳහා භාවිත කළ හැකි තරම් ප්‍රමාණයක් පවතින බවද කියැවෙයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...