කොවිඩ් ආසාදිත මවුවරුන් බිහිකරන දරුවන්ගේ ශරීරවල එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ

2025 ජනවාරි මස 28 පෙ.ව. 08:11 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිෙබන බව ද ගාඩියන් උපුටා දක්වමින් ලංකාදීප පුවත් ෙස්වය වාර්තා කරයි.
 ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වූවද බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව එම පර්යේෂකයින් පවසයි. 
ගර්භනී කාන්තාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ පර්යේෂණයකින් මෙම තොරතුරු අනාවරණය කර ඇති අතර කොවිඩ් නයින්ටීන් වෛරසය මවගෙන් දරුවාට සම්ප්රේිෂණය වන බව සනාථ කෙරෙන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව ද පර්යේෂකයින් පෙන්වා දී තිබේ.
 
ගර්භනී කාන්තාවන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය බරපතළ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සඳහන් කර තිබූ අතර ගර්භනී සමයේ මවගෙන් දරුවාට වෛරසය සම්ප්‍රේෂණය වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව තොරතුරු අනාවරණය වී නොමැති බව ඔවුන් පෙන්වාදී තිබේ.

(ගාඩියන් ඇසුරෙනි)
ලංකාදීප

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...