ක්‍රිකට් ක්‍රීඩකයන් 35 පී.සී.ආර්. පරීක්ෂණ සෘණාත්මකයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:45 - {{hitsCtrl.values.hits}}  

පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වූ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් 35 දෙනාට කොවිඩ් ආසාදිත නොවුණ බවට  තහවුරු වී තිබේ. ඔවුන් ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී තිබේ.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව පුහුණුකරුවන්, දැල් තුළ පන්දු යවන්නන්ද මෙම පරීක්ෂණයට ලක්ව තිබේ.

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් නම්කළ ක්‍රීඩකයන් මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයට ලක්විය.

ඔවුන් පුහුණුවෙමින් සිටින අතරතුළදී පුහුණුකරු මිකී ආතර් හා පිතිකරු ලහිරු තිරිමාන්න කොවිඩ් සඳහා ධනාත්මක විය. ඉන් අනතුරුව පුහුණුවීම් නැවැත්වූ අතර පසුව ක්‍රීඩකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබීය.

ක්‍රීඩකයන් හෙට දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණදීමට නියමිත අතර එළැඹෙන 16 දා පටන් ඔවුන් යළිත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ලහිරු තිරිමාන්න හා මිකී ආතර් තවමත් ප්‍රතිකාර ලබන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...