2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:08 - {{hitsCtrl.values.hits}}
දුර පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට ලක්ෂිනී සාරංගි ද සිල්වා ඊයේ (23දා) සමත් වූවාය. මේ දිනවල තුර්කියේ ඉස්තාන්බුල්හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවෙමින් ඇය මෙම වාර්තාව පිහිට වූ අතර, ඇයට සිය ඉසව්වේ පළමු ස්ථානයද හිමිවිය.
මෙහිදී සාරංගි විසින් මීටර් 6.44ක දක්ෂතාවක් දැක් වූ අතර, ඇය විසින් බිඳදමනු ලැබුවේ 2015 වසරේදී එන්.සී.ඩී. ප්‍රියදර්ශනී විසින් මීටර් 6.43කින් පිහිටුවා තිබූ ජාතික වාර්තාවයි.
මේ වනවිට කටාර්හි සිය පුහුණුවීම් කටයුතු සිදුකරන සාරංගි, අවසන් වරට 2019 වසරේ නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීද මී. 6.38ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන්නාය.
කාන්තා දුර පැනීම ජාතික වාර්තාවේ ප්‍රගතිය (1942 – 2021)
(තොරුතුරු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය)
දුර |
ක්‍රීඩිකාව |
වසර |
4.84 |
අයිරිස් වැන්ඩර්සයිල් |
1942 |
4.88 |
ශෙරී තෝමස් |
1948 |
4.93 |
ජුනි ඩි ක්‍රෙට්සර් |
1949 |
4.99 |
ජුනි ඩි ක්‍රෙට්සර් |
1954 |
5.11 |
පද්මා ගුණවර්ධන |
1955 |
5.36 |
පද්මා ගුණවර්ධන |
1955 |
5.41 |
නොබෙල් කීල් |
1959 |
5.41 |
ශාන්ති ඩි ඇන්ඩෘ |
1968 |
5.42 |
පාවුලින් ක්ලොග්ස්ටවුන් |
1969 |
5.43 |
පාවුලින් ක්ලොග්ස්ටවුන් |
1970 |
5.43 |
අයිරින් ඩි සිල්වා |
1970 |
5.48 |
අයිරින් ඩි සිල්වා |
1970 |
5.74 |
උපශ්‍රියා සමරතුංග |
1975 |
5.79 |
ඉන්ද්‍රා පද්මිණී පෙරේරා |
1978 |
5.79 |
උපශ්‍රියා සමරතුංග |
1978 |
5.82 |
ඉන්ද්‍රා පද්මිණී පෙරේරා |
1978 |
5.85 |
උපශ්‍රියා සමරතුංග |
1978 |
5.87 |
දිලීමා පීටර්සන් |
1986 |
5.98 |
දිලීමා පීටර්සන් |
1986 |
6.01 |
අනුෂා කාරියවසම් |
1989 |
6.01 |
අනුෂා කාරියවසම් |
1989 |
6.03 |
අනුෂා කාරියවසම් |
1990 |
6.06 |
දිලීමා පීටර්සන් |
1990 |
6.22 |
දිලීමා පීටර්සන් |
1990 |
6.26 |
නයන්ති චන්ද්‍රසේන |
1998 |
6.29 |
නයන්ති චන්ද්‍රසේන |
2000 |
6.34 |
නයන්ති චන්ද්‍රසේන |
2000 |
6.40 |
නයන්ති චන්ද්‍රසේන |
2002 |
6.43 |
එන්.සී.ඩී. ප්‍රියදර්ශනී |
2015 |
6.44 |
එල්.එස්. සාරංගි සිල්වා |
2021 |
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |