මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය මහනුවර උසස් බාලිකා විදුහලට

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:27 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහනුවර, උසස් බාලිකා විද්‍යාලීය කණ්ඩායම පසුගිය දා සමත් වූවාය.

මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ජිම්නාස්ටික් පිටියේදී පැවැති මෙම තරග මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලදි.

මෙම තරගාවලියේ බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහල් ජිම්නාස්ටික් කණ්ඩායම සමත් වූවාය.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් මධ්‍යම පලාතෙන් සුදුස්සන් තෝරා ගැනීම සදහා  මෙම තරගාවලිය පැවැත්විණි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...