මුරලිටත් බැරිවූ වාර්තාවක් ප්‍රවීන් පිහිටුවයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:50 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට 22 හැවැරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක්විය. ඒ බංග්ලාදේශය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමිනි.

ප්‍රවීන් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.

ලෝකයේ වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුරලිදරන්ට සිය මංගල ටෙස්ට් තරගයේදී දවාගැනීමට හැකි වූ කඩුලු සංඛ්‍යාව තුනකි. මුරලි සිය මංගල තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කර තිබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයකදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙසින් මීට පෙර වාර්තා පිහිටුවා තිබුණේ අකිල ධනංජයයි. අකිල බංග්ලාදේශයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 8ක් දවා ගැනීමට සමත්ව තිබුණි.

බංග්ලාදේශය සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 209කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයගත්තේය. තරගයේ වීරයා ලෙස ප්‍රවීන් ජයවික්‍රම සම්මාන ලැබීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...