යුපුන් තත්ත්පර 10 බාධකය බිඳියි

2025 ජනවාරි මස 05 පෙ.ව. 04:46 - {{hitsCtrl.values.hits}}  

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන රෙසිප්‍රින්ට් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්ත්පර 9.96ක කාලයකින් නිමකරමින් නව දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ශ්‍රී ලංකාවේ සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වූයේය.

මේ අනුව දකුණු ආසියානු කලාපය තුළ පළමු වරට මීටර් 100 ඉසව්ව තත්ත්පර 10කට වඩා අඩු කාලයකින් නිමකළ පළමු ක්‍රීඩකයා බවට යුපුන් සමත්වූයේය.

මේ වසරේ සිය ක්‍රීඩා දිවියේ උපරිම දක්ෂතා දක්වමින් සිටින යුපුන් අවස්ථා කිහිපයකදී මීටර් 100 දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට සමත්විය. මීට පෙර යුපුන්ගේ මීටර් 100 ඉසව්ව සඳහා හොඳම කාලය ලෙසින් වාර්තා වී තිබුණේ තත්ත්පර 10.06කි.

මිටර් 100 ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් වන අතර ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 9.58කි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...