ශ්‍රී ලංකාව තවමත් පෙරමුණේ

2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:50 - {{hitsCtrl.values.hits}}  

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ  අලුබදුන තරගාවලියේ පළමු තරගය අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමිනි. 

එම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කළ පළමු තරගයයි.

ඒ අනුව ඔවුන්ට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් වන අතර, හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 100%ක්.

ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇත. එහි ලකුණු ප්‍රතිශතය දැක්වෙන්නේ ද 100%ක් ලෙසයි.

ඒ අනුව ප්‍රතිශතය අනුව ස්ථාන තෝරා ගනු ලබන ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිව තිබේ..

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...