ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට 5-0ක තරඟාවලි ජයක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:46 - {{hitsCtrl.values.hits}}  

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමත් සමග අද පැවති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමග සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (25) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගැනීමට සමත් විය.

චමිදු වික්‍රමසිංහ පන්දු 123 කින් ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...