2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:35 - {{hitsCtrl.values.hits}}
මිලියන පහකට වඩා වැඩි ඉතාමත් සුළු ජනගහනයක් සිටින යුරෝපීය රාජ්‍යයක් වන නෝර්වේ, 2022 බීජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලහි පදක්කම් සටහනේ පෙරමුණ ගනිමින් තරගාවලිය අවසන් කර තිබේ.
නෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.
නොර්වේ කණ්ඩායම මීට වසර හතරකට පෙර ප්යොන්ග්චැන්ග් 2018 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මෙන්ම, බීජිං ශීත ඔලිම්පික් පදක්කම් සටහනේද ඉහළින්ම වැජඹී ඇත.
කෙසේ වෙතත් නෝර්වීජියානු කණ්ඩායම 2018 දී ලබාගත් සමස්ත පදක්කම් 39ට වඩා මෙවර පදක්කම් 2ක් අඩුවෙන් ලබාගත්තද, රන් පදක්කම් 16 ක් දිනා ගනිමින් ශීත සෘතු ඔලිම්පික් රන් පදක්කම් වාර්තාව බිඳ දැමීය. ඒ අනුව ඔවුන් බීජිං හි ක්‍රීඩා ඉසව් පහළොවෙන්, නවයකම පදක්කම් දිනාගෙන ඇත.
මේ අතර, පදක්කම් සටහනේ රන් පදක්කම් 12ක් දිනාගෙන ජර්මනිය දෙවැනි තැන රැඳී සිටින අතර, රන් පදක්කම් 9ක් ලබාගනිමින් චීනය තෙවැනි තැන රැඳී සිටියි. රුසියානු කණ්ඩායම සමස්ත පදක්කම් සටහනේ දෙවැනි ඉහළම පදක්කම් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ, පදක්කම් 32ක් ලබාගනිමිනි. නමුත් රන් පදක්කම් සමග ඔවුන්ට හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 9 වැනි ස්ථානයයි.
කෙසේ වෙතත්, ෆිගර් ස්කේටින් කණ්ඩායම් ඉසව්වේ පදක්කම් පිළිබඳව තවමත් ප්‍රශ්නාර්ථයක් පවතින අතර, එය රුසියානු කණ්ඩායමේ රන් පදක්කම් හයකට බලපෑම් කළ හැකිය. එහි පදක්කම් ප්රදානෝත්සවය කල් දැමුණේ, 15 හැවිරිදි ෆිගර් ස්කේටින් ක්‍රීඩිකාවකගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් පිළිබඳ විමර්ශන හේතුවෙනි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |