ස්කොට්ලන්ත PFA සම්මාන උළේලේදී ලාංකික සමභවයක් ඇති ජසින්ටාට සම්මානයක්

2025 මාර්තු මස 15 ප.ව. 11:29 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩිකා ජසින්ටා ගලබඩආරච්චි ස්කොට්ලන්ත PFA පාපන්දු සම්මාන උළෙලේදී වසරේ තරුණ ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජසිින්ටා ලාංකික සම්භයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවකි.

එසේම එංගලන්ත කාන්තා පාපන්දු තරගාවලිය සඳහා ලාංකික සම්භවයක් සහිතව ක්‍රීඩා කරන පළමු ක්‍රීඩිකාවද ඇය වෙයි.

ජසින්ටා සෙල්ටික් කණ්ඩායම නියොජනය කරමින් ස්කොට්ලන්ත කාන්තා ප්‍රිමියර් ගීල තරගාවලියට ඇය ක්‍රීඩා කරයි.  

එසේම ඔස්ට්‍රේලියානු අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ඇය 2017 වසරේ පෙබරවාරී මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමග පුහුණු සැසිවලට කැඳවා තිබේ.

ජසින්ටාගේ පියා ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙයි. එසේම ජසින්ටාට ඉතාලි පුරවැසිභාවයද හිමිය.

ජසින්ටා මෙල්බර්න් සිටි, පර්ත් ග්ලොරි, වෙස්ට් හැම් යුනයිටඩ්, නාපෝලි කණ්ඩායම්වලට ක්‍රීඩා කර ඇති අතර  වර්තමානයේදී සෙල්ටික් කන්ඩායමට ක්‍රීඩා කරයි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...