අකිලගේ පන්දු යැවීම ඉරියව්ව නීති විරෝධී වෙයි

2025 මාර්තු මස 16 ප.ව. 08:41 - {{hitsCtrl.values.hits}}  

සිය පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

අකිල සිය පන්දු යැවිමේ ඉරියව්ව පිළිබඳව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී මුහුණ දුන් පරීක්ෂණවලදී ඔහුගේ ඉරියව්ව නීති විරෝධී බවට තීරණය වීම හේතුවෙන අකිලට මෙම තාවකාලික තහනම වැටී තිබේ.

නිමා වූ ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු තරගයෙදී අකිලගෙ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් තීරණය කරන ලදී.

කෙසේ වෙතත් අකිලට සිය පන්දු යැවිමේ ඉරියව්ව නිවැරදි ආකාරයට සකස් කරමින් නැවතත් ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණ දී එය සමත්වීමෙන් පන්දු යැවිමට අවස්ථාව හිමිවනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...