අද සිම්බාබ්වේ අවසන් මහ තරගයට

2025 මාර්තු මස 18 පෙ.ව. 12:54 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා කොදෙව් කණ්ඩායම් අතර සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (25 දා) සමත්විය. ඒ කෙදෙව් කණ්ඩායම හා පැවැති තිරණාත්මක තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් ලබමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් අද (27දා) ඔවුන් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිබ්බාව්බේ කණ්ඩායම ලකුණු 218ට සීමා කිරීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවාර 27.3කදී කඩුලු පහට ලකුණු 124ක් රැස්කරගෙන සිටියේය. තරගය ජයගැනිමට නම් ඒ වන විට ඔවුන් රැස්කරගෙන සිටි යුතු ලකුණු සංඛ්‍යාව 130ක් විය.(අද)

1(3244) 2(2809) CRICKET-ZIM-WIS

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...