2025 මාර්තු මස 17 වන සඳුදා
2025 මාර්තු මස 17 වන සඳුදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
“අධිෂ්ඨාන” පිළිබඳ ගුරුවරුන් දැනුවත් කෙරේ
2025 මාර්තු මස 17 ප.ව. 11:09
- {{hitsCtrl.values.hits}}
ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන "අධිෂ්ඨාන" - ක්‍රීඩා කෞශල්‍යයන් සඳහා ප්‍රවේශය සහතික කිරීමේ ව්‍යාපෘතියකි. පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ “අධිෂ්ඨාන” ව්‍යාපෘතිය යටතේ, දරුවන් තෝරා ගැනීම පිළිබඳව කලාප මට්ටමින් ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් හා ක්‍රීඩා අමාත්‍ය, නීතීඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ.
යෞවුන් පරම්පරාවට ක්‍රීඩා ලෝකය ජය ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, පළාත් සභාත් එක්ව දිවයින පුරා මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය, රංජිත් සෝමවංශ, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වී. රාධාක්‍රිෂ්ණන් සහ නියෝජ්‍ය අමාත්‍ය, එච්.එම්.එම්.හරිස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්වේ. මීට සමගාමීව බස්නාහිර පළාතේ කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය යන අධ්‍යාපන කලාපවල ගුරුවරුන් 300කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රායෝගින පුහුණු සැසිය ටොරිංටන්හි කෘත්‍රීම හොකී ක්‍රීඩාංගනයේදී ද ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.(රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව)
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...