අයර්ලන්තය නවසීලන්තය පරදවයි

2025 මාර්තු මස 17 ප.ව. 11:01 - {{hitsCtrl.values.hits}}  

වසර 111 ක රග්බි ඉතිහාසය වෙනස් කරමින් පළමු වතාවට නවසීලන්ත කණ්ඩායමක් රග්බි තරගයකදී පරාජය කිරීමට අයර්ලන්තය සමත්විය.  තරග 18ක් අපරාජිතව සිටි නවසීලන්ත කණ්ඩායමේ අපරාජිත වාර්තාවද බිද වැටුණි. 1905 න් පසුව අවස්ථා 29කදී නවසීලන්තය හා අයර්ලන්ත එකිනෙකා මුණ ගැසී ඇතැත් ඊයේ තරගයට පෙරාතුව එක් අවස්ථාවකදීවත් නවසීලන්තය පරාජය කිරිමට අයර්ලන්තය සමත්ව නොතිබුණි.වසර අවසාන රග්බි තරගාවලියේ පළමු තරගයෙන් නවසීලන්තය ලකුණු 40-29 ක් ලෙස පරාජය කිරිමට ඇමෙරිකාවේ චිකාගෝ හිදී ඊයේ (05දා) අයර්ලන්තය සමත්විය. ලොව අංක එකේ රග්බි කණ්ඩායම ලෙස අවිවාදයෙන්ම හැඳින්වෙන නවසීලන්තය මෙම තරගයට පෙර අඛණ්ඩව තරග 18ක් ජයගෙන වාර්තාවක් පිහිටුවා තිබුණේ වැඩිම තරග සංඛ්‍යාවක් අඛණ්ඩව ජයගත් කණ්ඩායම ලෙසිනි.  තරගය ආරම්භයේ පටන් දැඩි ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩකයන් තරගයේ පළමු අර්ධය නිමවෙද්දීම සිය ජයග්‍රහණ දොරටු විවර කරගෙන සිටියේ 25-08ක් ලෙසිනි. (Ada)

5182 5472

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...