ආසියානු කරාතේ තරගාවලියක ශූරතාව ලංකාවට

2025 මාර්තු මස 16 ප.ව. 02:59 - {{hitsCtrl.values.hits}}  

ලෝක එක්සත් කරාටේ අධිකාරිය සංවිධානය කළ 2019 "කොන්ටිනෙන්ටල් " ආසියානු ශූරතා කරාතේ තරගාවලියේ දී , එයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙම ශූරතාවලිය 18දා සිට 20 දා දක්වා ආසියානු රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කගේ පමණ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැත්විණ.තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම තරගාවලියට සමගාමීව ආසියානු කරාතේ අධිකාරියේ ඉදිරි වසර 04 සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සිදු කළ අතර එහිදී පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ රෝහණ විජේමාන්න මහතා පළමු ආසියානු උප සභාපති ධුරයට තේරී පත් වී තිබුණි .

තරගාවලියේ දී පදක්කම් සහ සහතික පත්‍ර දිනූ ක්‍රීඩක ක්‍රීඩකයන් පිරිස ඊයේ (21දා) රාත්‍රියේදී ශ්‍රි ලංකාවට පැමිණියේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...