"ඇක්ටිව් ශ්‍රී ලංකා" මලල ක්‍රීඩා පුහුණු කඳවුරු 03 ක්

2025 මාර්තු මස 17 ප.ව. 09:17 - {{hitsCtrl.values.hits}}  

ඕස්ට්‍රේලියානු රජයේ ආධාර ඇතිව සංවිධානය කරන ආසියානු ක්‍රීඩා සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ විශේෂ පුහුණු පාඨමාලා ඇතුළත් මලල ක්‍රීඩා පුහුණු කඳවුරු 03 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදේශීය පුහුණු කරුවන් විසින් ශ්‍රී ලාංකික පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ ආරම්භයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහයෝගය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේද පූර්ණ මැදිහත්වීමෙන් මෙම පුහුණු වැඩමුළුව පැවැත්වේ.

සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන මෙම විශේෂ මලල ක්‍රීඩා පුහුණු ව්‍යාපෘතියේදී පළමු අදියර ලෙස ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්ද, දෙවන අදියර ලෙස අන්තර් මධ්‍ය පුහුණුකරුවන්, විනෝද ක්‍රීඩා පුහුණු කරුවන් සහ කිඩ්ස් ඇත්ලටිස්ක් සහ යොවුන් මලල ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කරනු ලැබේ.

මෙම  පුහුණු වැඩමුළු 03 ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණය, පඩුවස්නුවර බණ්ඩාරනායක ජාතික පාසල හා යාපනය දොරෙයප්පා ක්‍රීඩාංගනයේ දී  පැවැත්වීමට නියමිතය.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...