ඇන්ජලෝ පෙරේරාගෙන් වාර්තාවක්

2025 මාර්තු මස 16 ප.ව. 02:27 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා පළමු පෙළ සිවුදින තරගාවලි ඉතිහාසයේ එකම තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.

ඒ සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ නිමාවූ තරගයේදී ඉනිම දෙකේදීම ඔහු ද්විත්ව ශතකර රැස්කිරීම හේතුවෙනි.

පළමු ඉනිමේදී 201 (පන්දු 203, 4x20, 6x1) රැස්කළ ඇන්ජලෝ දෙවැනි ඉනිමේදීද ලකුණු 231 (පන්දු 268, 4x20, 6x3) රැස්කිරීමට සමත්විය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දත්ත අනුව ඇන්ජලෝට පෙරාතුව මෙවැනි දක්ෂතාවක් දක්වා තිබෙන්නේ එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආතර් ෆැග් එරට පළමු පෙළ තරගාවලියේදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කර තිබුණි. එ 1938 වසරේදීය ඔහු 244ක් හා 202ක් ලෙස ලකුණු රැස්කර තිබුණි.

එන්.සී.සී. කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැති තරගයේදී තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් ශතක රැස්කිරීමට සමත්වූහ.

NCC පළමු ඉනිම 444/10 (පන්දුවාර 103.3)

SSC පළමු ඉනිම 480/10 (පන්දුවාර 129)

NCC දෙවැනි ඉනිම 579/6 (පන්දුවාර 112)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...