ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකාවට එයි

2025 මාර්තු මස 17 ප.ව. 05:35 - {{hitsCtrl.values.hits}}  

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාර්ථකම වේග පන්දු යවන්නෙකු වන අැලන් ඩොනල්ඩ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා කෙටි කාලීනව එකතු වි තිබේ. එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන උපදේශකයෙකු ලෙස ඔහු කටයුතු කරනු ඇත.

මාස දෙකක කාලයක් සඳහා ඔහු මෙසේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ව තිබේ. ඇලන් අද (1දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා පුහුණුවීම් ආරම්භ කරනු ඇත.

 චමින්ද වාස්, ණුවන් සොයිසා. රවීන්ද්‍ර පුෂ්පකුමාර හා චම්පක රාමනායක යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනලේ වේග පන්දු යවන පුහුණුකරුවන් ඇලන් හා සමීපව කටයුතු කිරිමට නියමිතය. එළැඹෙන 9 දා පල්ලේකැලේ පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්වෙන පුහුණු සැසි සඳහාද ඇලන් එක්වීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

Loksatta

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...