ඉතිහාසයට එක්වූ ක්‍රීඩා යුවළ

2025 මාර්තු මස 17 ප.ව. 06:26 - {{hitsCtrl.values.hits}}  

ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූරතාවත් හිමිකරගත් ලෝකයේ පළමු විවාහක යුවළ බවට පත්වීමට ඊජිප්තු යුවළක් සමත්ව තිබේ.

ඒ ඇමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව අලි ෆරාග් (25) සහ එහි කාන්තා ශූරතාව එල් ටායිබේ (24) එකම දිනයකදී ජයග්‍රහණය කරමිනි.

මුලින්ම එල් ටායිබේ සෙනසුරාදා පැවැති කාන්තා අවසන් තරගයේදී රානීම් එල්. වෙලීලේ 3-2ක් ලෙස පරාජයට පත්කළ අතර, ඉන් පැය කිහිපයකට පෙර ෆරාග් පිරිමි අවසන් තරගය ජය ගත්තේ මොහොමඩ් ශෝර්බැගී 3-0ක් ලෙස පරාජයට පත්කරමිනි.

එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ තරගාවලියක ශුරතා ඊජිප්තුව වෙනුවෙන් ජයග්‍රහණය කළ පළමු යුවළ ලෙසද මොවුහු ඉතිහාසයට එක්වූහ.

“මම තරගය ජයග්‍රහණය කළාම මම ඔහුගේ තරගය බැලුවා. එහිදී මෙම ගොඩක් කලබල වුණා” යැයි ටායිබේ තරගයෙන් අනතුරුව පැවැසුවාය.

“මේ පළමු දේයි. මම හිතනවා අපි දෙදෙනාට තව ගොඩක් දේවල් එකතු වී ලබාගත හැකියි කියා” යැයි ෆරාග් සිය තරගයෙන් අනතුරුව සඳහන් කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...