ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු මහේල..?

2025 මාර්තු මස 17 ප.ව. 07:18 - {{hitsCtrl.values.hits}}  

 


ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි. මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතාත් ;තනතුර සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බවත් එහි සඳහන්ය. ඉන්දීය පිලේ හිටපු පුහුණුකරු අනිල් කුම්බල් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය පුරප්පාඩු විය. ඉන්දීය කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය දූපත් සමූහයේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක්  සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...