ඉන්දීය ක්‍රිකට් නායක දෝනි නායකත්වයට සමුදෙයි

2025 මාර්තු මස 18 පෙ.ව. 02:36 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක මහෙන්ද්‍ර සිං දෝනි එම ධුරයෙන් ඉවත්ව තිබෙනවා. ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලියට පෙරාතුව ඔහු මෙසේ නායකත්වයෙන් සමුගෙන තිබේ. දෝනි 2014 වසරේදී ටෙස්ට් ක්‍රීඩාවෙන්ද සමුගත්තේය.

කෙසේ වෙතත් ඔහු ඉදිරියටත් කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස සිය දායකත්වය ඉන්දීය කණ්ඩායමට ලබාදීමට නියමිතය. මේ වන විට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ විරාත් කෝලි එක්දින හා විස්සයි20 නායකයා වශයෙන් පත්වීමට වැඩි ඉඩක් තිබෙන බව ඉන්දීය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. 

2007 වසරේදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස දෝනි පත්වූ අතර ඔහු 2011 එක්දින ලෝක කුසලානය, 2007 විස්සයි20 ලෝක කුසලානය හා 2013 ශූරයන්ගේ කුසලානය ඉන්දීයාවට හිමිකර දීමට කටයුතු කළේය.‍

එක්දින තරග 199කදී ඉන්දියාව මෙහෙයවා ඇති දෝනි ඉන් තරග 110ක්ද ජයගෙන ඇති අතර විස්සයි20 තරග 72කදී ඉන්දියාවට ජයග්‍රහණ 41ක් හිමිකර දී ඇත. නායකයෙකු ලෙස එක්දින තරග 6633ක් රැස්කරගෙන ඇති දෝනිගේ එහි සාමාන්‍ය 54ක් ලෙස දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

India Zimbabwe Cricket

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...