ක්‍රිකට් ක්‍රීඩාවටත් රතු කාඩ්පත් එයි

2025 මාර්තු මස 18 පෙ.ව. 12:50 - {{hitsCtrl.values.hits}}  

ක්‍රිකට් පිටිය තුළ නොහික්මුණ ලෙස  හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිත කිරීමේ අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට රතු කාඩ්පතින් අවවාද ලබාදී ඔහුව පිටියෙන් ඉවත්කිරීමට අදාළව පිටියේ විනිසුරුට අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

විනිසුරුට තර්ජනය කිරීම, ශාරීරික වද හිංසා හා වෙනත් නීතිවිරෝධී ක්‍රියාවකදී මෙසේ රතු කාඩ්පත භාවිත කිරීමට විනිසුරුට අවස්ථාව ලැබෙයි. ලබන ඔක්තෝබර් සමයේ පටන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වර්තමානයේදී තරගයක් අවසන් වූ පසුව තරගයේදී සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විනිසුරුවන් විසින් තරග තීරකට පැමිණිලි කරන අතර ඉන් පසුව විනය ක්‍රියාමාර්ග ගනියි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...