2025 අප්‍රේල් මස 20 ප.ව. 02:48 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස හයක් ඇතුළත් පැවැත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. එසේ නොමැතිවුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති පූර්ණ සාමාජිකයත්ව සලකා බලන බවත් ක්‍රිකට් කවුන්සිලය පවසයි.
ඩබ්ලින් නුවර පැවැති අයි.සී.සී. 75 වැනි වාර්ෂික සම්මේලනයේදී මේ බව සඳහන් කළ බව අයි.සී.සී. නිවේදනය කරයි.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අයි.සී.සී. රැස්වීම්වලදී නිරීක්ෂකයෙක් ලෙස එක්වීමටද අයි.සී.සී.ය අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.
![]() |
diary Read more... |