ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා - ලේකම් මොහාන්ද සිල්වා

2025 මාර්තු මස 16 ප.ව. 02:39 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී  ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබාගැනීමට සමත් විය. ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක්හිමිවිය. උප සභාපතිවර ලෙස රවීන් වික්‍රමරත්න (82) සහ කේ. මතිවානන් (80) වැඩි ඡන්දයෙන් තේරීපත් වූහ. අර්ජුන රණතුංග මහතා ඡන්ද 78 ක් ලබාගත්තේය.

ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය. ඔහු තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග කෙරිණි. රණතුංග පාර්ශ්වයෙන් තරග කළ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා මොහාන් ද සිල්වා මහතා හමුවේ පරාජයට පත්විය. මොහාන්ද සිල්වා ඡන්ද 96ක් ලබාගන්නා විට නිශාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 43ත් පමණි. ඒ අනුව සභාපති, උපසභාපති හා ලේකම් තනතුරු සියල්ලම සුමතිපාල පාර්ශ්වය විසින් හිමිකර ගනු ලැබීය. 

නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්විය.  ඔහු ඡන්ද 102ක් ලබාගනිමින් එම තනතුරට පත්වූ අතර ඊස්ට්මන් නාරංගොඩ මහතා ඡන්ද 33ක් ලබාගනිමින් පරාජයට පත්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...