2025 මාර්තු මස 17 වන සඳුදා
2025 මාර්තු මස 17 වන සඳුදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
ක්‍රීඩයින්ට අවශ්‍ය පහසුකම් සලස්න ක්‍රියා නොකිරීම නිසා අධ්‍යක්ෂ ජනරාල් නෙරපයි
2025 මාර්තු මස 17 පෙ.ව. 12:43
- {{hitsCtrl.values.hits}}
ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වන එච්. එම්. බී. පී. හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා උපදෙස් දී තිබේ.
අද (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියා නොකිරීම මෙයට ආසන්නතම හේතුව වී ඇත.
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද (05දා) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයේ කණ්ඩායමට අවශ්‍ය නේවාසික පහසුකම් සලසා තිබිණ මුත්. (මැයි 04දා) උදය කාලයේ සිට නේවාසිකාගාරය තුළ විදුලිය බිඳ වැටී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුළ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටලු රැසකට මුහුණ දී තිබිණ. ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වයට විසඳුම්ක් ලබාදී නොමැති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද අඩපන වී ඇත. මෙම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙයට කිසිදු විසඳුමක් ලබා දී නොමැත.
ක්‍රීඩා ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම තරගාවලියට සහභාගි වන සියලුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන සැපයීමටත් කටයුතු යොදා තිබේ.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...