කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට වරම්

2025 මාර්තු මස 17 ප.ව. 07:08 - {{hitsCtrl.values.hits}}  

බිබිසි සංදේශය -
කාන්තා ජගත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් සිටින බව බිබිසි සංදේශය වාර්තා කරයි. සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වූ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු හතළිස් දෙකකින් පැරදවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ කොළඹ පැවති අවසන් තරගයෙන් ජයග්‍රහණය කරමින් තරගාවලියට සුදුසුකම් ලැබූහ.

සුදුසුකම් ලැබීමේ වටයේ තරග වලදී පාකිස්තානය සහ දකුණු අප්‍රිකානු පිල පැරදවූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද මේ වන විට ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබා සිටියි.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් තරගාවලියට ඇතුළත් වී සිටියි.

ඊට අමතරව ICC ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදීමේ සුදුසුකම් ලබා සිටියි.

ඡායාරූපය- GETTY IMAGES

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...