කාසියේ වාසිය බලන්න පිත්ත යොදා ගැනීමට යයි

2025 මාර්තු මස 16 ප.ව. 08:46 - {{hitsCtrl.values.hits}}  

බිග් බෑෂ් ලීග තරගාවලියේදී කාසියේ වාසිය විමසා බැලීමේ අවස්ථාව සඳහා කාසිය වෙනුවට ක්‍රිකට් පිත්තක් යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව කාසියේ වාසිය වෙනුවෙන් යොදා ගන්නා කාසියේදි විමසා බැලෙන ‘හෙඩ්ස්’ හෝ ‘ටෙයිල්ස්’ වෙනුවට පිත්ත හරහා ‘හිල්ස්’  හෝ ‘ෆැලට්ස්’ ලෙස ආමන්ත්‍රණය කිරිමටද මෙහිදී සැලසුම් කර තිබේ.

සාමන්‍යයෙන් ක්‍රිකට් පිත්තක් ඉහළට විසිකළ විට නැවත බිමට පතිත වීමේදී පැතිලි පැත්ත වැටීමට වැඩි ඉඩක් ඇති හෙයින් මේ සඳහා වෙනමම පිතතක් සකස් කිරීමටද බිග් බෑෂ් ලීග තරග සංවිධායකයන්ගෙ අවධානය යොමුව තිබේ.

පළමු වරට මෙම ක්‍රමය දෙසැම්බර් 19 දා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම හා ඇඩිලේඩ් ස්ට්‍රික් කණ්ඩායම අතර තරගයේදි යෙදා ගැනිමට නියමිත අතර ඒ අනුව මුලින්ම බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ක්‍රිස් ලීන් පළමු වරට පිත්තෙන් වාසිය උරගා බලනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...