කුක්ගෙන් වාර්තාවක්

2024 දෙසැම්බර් මස 23 ප.ව. 02:17 - {{hitsCtrl.values.hits}}  

සිය අවසන් අන්තර්ජාතික ටෙස්ට් ඉනිම ශතකයකින් වර්ණවත් කිරීමට එංගලන්ත පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් සමත් විය. ඉන්දියාව සමග පැවත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගයේදී මෙම දස්කම දැක්වීමට ඔහු සමත්වූයේ පන්දු 210ක් තුළදීය.

මෙය කුක්ගේ 33 වැනි අන්තර්ජාතික ටෙස්ට් ශතකය ලෙසින් වාර්තා වූ අතර ඔහු ශතකයක් වාර්තා කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.

කුක් සිය මංගල ටෙස්ට් තරගයේදීත් ශතකයක් වාර්තා කිරීමට සමත්වූ අතර ඒ අනුව මංගල ටෙස්ට් තරගයේදි මෙන්ම අවසන් ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව පස්වැනි ක්‍රීඩකයා ලෙස කුක් වාර්තා අතරටද එක්විය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...