කුසල්ට වන්දි ගෙවීමට අයි.සී.සීය එකඟ වෙයි?

2025 මාර්තු මස 18 පෙ.ව. 04:33 - {{hitsCtrl.values.hits}}  

 

තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්ව ඉන් නිදහස් වූශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට අයි.සී.සීය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පෙරේදා (02දා) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී තිබේ.
ඒ අනුව කුසල්ට සිදුවූ හානියට හා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ පවුම් ලක්‍ෂ 05ක මුදලක් (රු.කෝටි 10කට ආසන්න) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) පරීක්‍ෂණ කටයුතුවලින් කුසල්ගේ සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරය ඉවත් කර තහනම් කිරීමටද පියවර ගෙන තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයෙන්ද වන්දි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ලේකම් මොහාන් ද සිල්වා හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඔවුන් විදේශගතව සිටීම හේතුවෙන් එම උත්සාහ ව්‍යර්ථ විය.ada.lk

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...