කුසල් ස්ථාන 58ක් ඉදිරියට

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 08:53 - {{hitsCtrl.values.hits}}  

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට  පත්ව තිබේ.

තරගයේදී ඉනිම දෙකේදී කුසල් පෙරේරා (51,153*) නොදැවී ලකුණු 204ක් රැස්කිරීමට සමත්විය.

මුල් පිතිකරුවන් 10 තුළ සිටින එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ දිමුත් කරුණාරත්නයි. ඔහු 10 වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා වන්නේ විරාත් කෝලියි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු 100 වැනි ස්ථානයට පත්ව ඇත.

ටෙස්ට් පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවෙන්නේ 30 වැනි ස්ථානයේ පසුවන ඩිල්රුවන් පෙරේරායි.

ලෝකයේ අංක එකේ පන්දු යවන්නා ලෙස පැට් කමින්ස් පත්ව ඇති අතර 2006 වසරෙන් පසුව ඔස්ට්‍රේලියා පන්දු යවන්නෙක්  ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්වූයේ මේ අවස්ථාවේදීය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු පහක් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 66 වැනි ස්ථානයට පත්ව තිබේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...