ගේල්ගෙන් ලෝක වාර්තාවක්

2025 මාර්තු මස 17 ප.ව. 05:32 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හා ලීග ක්‍රිකට් පිටියේ විස්සයි20 තරග වලදී ලකුණු 10000ක් රැස්කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා බවට ක්‍රිස් ගේල් ඊයේ (18දා) වාර්තා අතරට එක්විය.

ඒ ඊයේ (18දා) ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 77ක් රැස්කිරීමත් සමගිනි. පන්දුවාර 20 තරග 290ට ක්‍රීඩා කරමින් ගේල් ලකුණු 10074ක් රැස්කර තිබේ.

එයට ශතක 18ක්, අර්ධ ශතක 61ක්, හතරේ පහර 769ක්, හයේ පහර 743ක් ඇතුළත්ය. ගෙල්ගේ ඉනිමක සාමාන්‍ය 40.62ක් ලෙස සටහන් වන අතර ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 149.51කි.

විස්සයි20 පිටියේ ගේල්ට අමතරව ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ය. ඔහු තරග 272කදී ලකුණු7596ක් රැස්කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

chris-gayle-century-records-HD-images

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...