චන්දිමාල් දෙවැනි තරගයට සූදානම්

2025 මාර්තු මස 17 ප.ව. 03:23 - {{hitsCtrl.values.hits}}  

අගෝස්තු 03 දා එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරනු ඇතත් දඟ පන්දු යවන ක්‍රිඩක රංගන හේරත්ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිතය.

ගාල්ලේ පැවැති  තරය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 304කින් පරාජයට පත්වූ අතර එම තරගය අසනීප තත්ත්ත්වයක් හේතුවෙන් චන්දිමාල්ට අහිමිවිය. නමුත් මේ වන විට ඔහු එයින් සුවය ලබා සිටින අතර ඔහු  පසුගිය දින දෙකේදී පුහුණුවීම් සඳහා එක්විය.

කෙසේ වෙතත් ආබාධයකට ලක්වූ රංගන හේරත්ගේ තත්ත්වය තවමත් පැහැදිලි නොමැත. ගාල්ලේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කුළ රංගන හේරත් පන්දුව රැක ගැනීමට උත්සාහ කිරිමේදී වම් අතේ මැද ගිල්ලේ ආබාධයකට ලක්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

dinesh-chandimal-1

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...