ජාතික පිතිකරණ පුහුණුකරු ජොන් ලුවිස්

2025 මාර්තු මස 16 ප.ව. 02:17 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු වශයේ හිටපු එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජොනතන් (ජෝන්) ලුවිස් පත්කර තිබේ. ඔහු මෙම තනතුර භාර ගැනීමට මත්තෙන් ඩරම් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට නවසීලන්ත තරග සංචාරයක නිරත වන අතර එම තරගාවලියේ සීමිත පන්දුවාර තරගාවලියේ ආරම්භයත් සමගින් ලුවිස් සිය තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවිරයි.  ලුවිස් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ අවසානය තෙක් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

ලුවිස්ගේ මග පෙන්වීම යටතේ ඩරම් කණ්ඩායම 2013 පළමු පෙළ ශූරතාව, 2014 රෝයල් ලන්ඩන් එක්දින ශූරතාව හා 2012 නැට්වෙස්ට් විස්සයි20 ශූරතාව ජයග්‍රහණය කිරිමට සමත්ව තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...