ඩක්වර්ත් ලුවිස් න්‍යායේ ලුවිස් සමුගනියි

2025 මාර්තු මස 16 පෙ.ව. 03:08 - {{hitsCtrl.values.hits}}  

සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා කාලගුනය සහ දේශගුණය හරස්වීමෙන් ඇතිවන ගැටලුවට පිලියමක් ලෙස භාවිත කළ ඩක්වර්ත් ලුවිස් න්‍යායේ නිර්මාතෘවරයෙකු වන ටෝනි ලුවිස් ජීවිත ඉනිම නිමාකර තිබේ. මිය යනවිට හෙතෙම 78 වැනි වියෙහි පසුවිය.

වැස්සෙන් සහ අනෙකුත් කාලගුණික, දේශගුණික වෙනස්වීම් හෙතුවෙන් තීරණයක් නොමැතිව නිමාවන සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා තරඟ සඳහා මෙම ක්‍රමය පළමුවරට හඳුන්වාදුන්නේ 1997 වසරේදීය. ටෝනි ලුවිස්ගේ අභාවය පිළිබඳව ඊයේ (01දා) එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිල නිවේදනය නිකුත් කළේය.

ටෝනි ලුවිස් සහ  ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමඟ 1997 දී හඳුන්වා දුන් මෙම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට 1999දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල අනුමැතිය හිමිවිය.

මෙම ක්‍රමය 2014 දී ලොව පුරා සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා භාවිත කළේය.

මේවනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන විස්සයි 20 තරගවලට නොගැලපීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය විවේචනයට ලක්වෙමින් තිබේ.

කෙසේවෙතත්, ඒ සඳහා මෙතෙක් වෙනත් විකල්ප ක්‍රමයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හඳුන්වාදී නොමැත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...