ඩිවිලියර්ස් ටෙස්ට් පිටියට සමුදීමට යයි

2025 මාර්තු මස 17 ප.ව. 08:36 - {{hitsCtrl.values.hits}}  

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියර්ස් අගෝස්තු මාසයෙන් පසුව ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනිමට තීරණය කර තිබේ. මීට ඉහතදීත් ඔහු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත එම තීරණය කල් දැමින.

කෙසේ වෙතත් ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් සීමිත පන්දුවාර තරග සඳහා ක්‍රිඩා කිරිමට නියමිතය. ඩිවිලියර්ස් මේ වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගනු ඇතැයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ග්‍රැහැම් ස්මිත්ද පවසා තිබේ.

එසේම ඩිවිලියර්ස් නායකත්වයේ වගකීමෙන් ඉවත්ව ඉදරි ලෝක කුසලාන තරගාවලි දෙකේදී සිය ශක්තිය වැඩි වශයෙන් කණ්ඩායම වෙත යොදවන ලෙසත් ස්මිත් ඩිවිලියර්ස්ට පවසයි.

මෑත ක්‍රිකට් ඉතිහාසයෙ බිහිවූ සුපිරි ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන ඩිවිලියර්ස් මේ වන විට 33 වැනි වියේ පසුවෙයි. ඔහු ටෙස්ට් තරග 106කදී දකුණු අප්‍රිකාව නියොජනය කරමින් ලකුණු 8074ක් රැස්කරගෙන තිබේ. ඉනිමක සාමාන්‍ය 50.46කි. ශතක 21ක් හා අර්ධ ශතක 39ක් ඩිවිලියර්ස් ටෙස්ට් පිටියේ රැස්කරගෙන තිබේ.  

නිරෝෂා ප්‍රියදර්ශනී

Northampton v South Africa: One Day Tour Match

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...