දකුණු ආසියානු 15න් පහළ බාලිකා පාපන්දු තරගාවලියශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

2025 මාර්තු මස 16 ප.ව. 10:28 - {{hitsCtrl.values.hits}}  

දකුණු ආසියානු 15න් පහළ බාලිකා පාපන්දු තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායම අද (07දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. තරගාවලිය එළඹෙන 09 වැනිදා සිට භූතානයේ තිම්පු නුවරදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06ක් සහභාගි වේ.

23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කවිසිගමුව මහා විද්‍යාලයේ උත්පලා ජයකොඩිට හිමිවී ඇති අතර, පොළොන්නරුව බැඳිවැව ම.ම. විද්‍යාලයේ නිමේෂා බණ්ඩාරට උපනායකත්වය හිමිවී ඇත. 

තරගාවලිය එළඹෙන 18 වැනිදා දක්වා චැලිමිතැන්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව තරගාවලියේ %ඒ^ කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි. පසුගිය වර්ෂයේදී (2017) ආරම්භ වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි නොවීය.

 

 

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...