දකුණු ආසියානු තරගාවලියට යන ක්‍රීඩකයන් නේපාලයේදීම සාපෙළ ලියයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:13 - {{hitsCtrl.values.hits}}  

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන සිසුන්ට නේපාලයේ දී ම සාමාන්‍ය පෙළට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සිසුන් 7 දෙනෙකුට මෙසේ නේපාලයේ සිටම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහාය ඇතිව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නීතීරීතිවලට යටත් ව, රහස්‍යභාවය, විශ්වසනීයබව හා ආරක්ෂාකාරීබව පවත්වාගනිමින් ශ්‍රී ලංකාවේ එම විභාගය පැවැත්වෙන වේලාවට අනුරූපව මෙම සිසුන් සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ඇත.

 ඒ වෙනුවෙන් නේපාලය බලා පිටත්ව යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම විභාගය සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන බවත් එම නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශපත් හා නවාතැන් සඳහා වියදම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දැරීමට එකඟ වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...