2025 මාර්තු මස 17 ප.ව. 03:03 - {{hitsCtrl.values.hits}}
2016 බ්‍රසීලයේ පැවති රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසී කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් හා 2017 ලන්ඩන් නුවර පැවති ලෝක ශරතා පැරා ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගනිමින් මවුබිමට කීර්තියක් අත්කරදුන් දිනේෂ් ප්‍රියන්ත මහතා අද (22දා) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
සිය කුසලාන මෙහිදී ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා මාතෘ භූමියට අත්කරදුන් කීර්තිය පිළිබදව ස්තූතිය පළ කළේය.
දිනේෂ් ප්‍රියන්ත මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා උණුසුම් සුභාශිංසනය ද පිළිගැන්වීය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති යූ.ආර්. රුද්‍රගෝ, පුහුණුකරු ප්‍රදිප් නිශාන්ත යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |