නවසීලන්තය කලින්ම තරගාවලිය දිනයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:27 - {{hitsCtrl.values.hits}}  

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 4කින් පරාජය කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදිම ජය ගැනීමට සංචාරක නවසිලන්ත කණ්ඩායම සමත්විය.

මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවැති දෙවැනි තරගයේදි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161/9 රැස්කළේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් හා අසිත ප්‍රනාන්දු ලකුණු 37ක් රැස්කළේය.

ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.4කදි කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 59ක් හා සී. බෘස් ලකුණු 53ක් රැස්කළේය.

තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...