නසීර් ජැම්සේඩ්ට වසර 10ක් ක්‍රිකට් තහනම්

2025 මාර්තු මස 16 ප.ව. 10:13 - {{hitsCtrl.values.hits}}  

දූෂණ චෝදනා සඳහා වරදකරුවූ පාකිස්තාන පිතිකරු නසීර් ජැම්සේඩ්ට එරෙහිව වසර 10ක ක්‍රිකට් තහනමක් පැනවීමට පාකිස්තාන ස්වාධීන දූෂණ විරෝධී අධිකරණය කටයුතු කර තිබේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ආචාරධර්ම පද්ධතියෙන් සඳහන් කරුණු 7න් පහක්ම බිඳ හෙළා ඇති බව පවසමින් ඔහුට මෙම දඬුවම් නියම කළේය.

මීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.

වසර දෙකක් තුළ නසීර් ජැම්සෙඩ් දූෂණ චෝදනා සඳහා වරදකරු වූ දෙවැනි අවස්ථාව මෙය වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...