නායකත්වයෙන් ඉවත්වෙන්න හේතුවක් නෑ

2025 මාර්තු මස 17 ප.ව. 04:31 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවට එරෙහිව  පැවැති එක්දින තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්වුවත් තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක උපුල් තරංග පැවසීය.

ඊයේ (03දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“නායකත්වයෙන් අයින් වෙන්න හේතුවක් නෑ. ඊළඟට එන තේරීම් කමිටුව ඉදිරියට යන්නේ කොහොමද කියලා තීරණය කරයි” යැයි ඔහු පැවසීය.

තරගාවලිය පුරාවටම කණ්ඩායම හොඳින් ක්‍රීඩා නොකළ බවත් පරදින විට ප්‍රේක්ෂකයන් ක්‍රීඩාවෙන් ඉවත්වෙන බවත් නායකයා පවසා සිටියේය.

“තරගාවලිය පුරාම අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. පැරදෙන විට ප්‍රේක්ෂකයන් ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. ඔවුන් කැමති ක්‍රීඩා කරන සියලු තරග ජයග්‍රහණය කරන්න. අපි යන්නේ තරග ජයග්‍රහණය කරන්න. අපි අතින් අඩුපාඩුවෙනවා. ඊළඟ තරාගවලියේ සිට වැරැදි හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තුවෙනවා.

පළමු තරගයේ සිට අඩුපාඩු දිගටම සිදුවුණා. එක්දින තරග පහක් ක්‍රීඩා කරලත් අපිට ලකුණු 250ක් ලබාගන්න බැරිවුණා. පිතිකරණය ගැන කනගාටුවෙනවා. අංශ තුනෙන්ම මීට වැඩිය අපි ඉදිරියට යන්න ඕන. පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් අපට අවශ්‍ය දේ ලැබුණේ නෑ. ඉදිරියට යද්දී තුන් ඉරියව් ක්‍රීඩකයන් අවශ්‍ය වෙයි.

ක්‍රීඩකයෙක් ලෙසත්, නායකයෙකු ලෙසත් දැන් ඉන්න තත්ත්වය ගැන කනගාටු වෙනවා. පසුගිය අවුරුදු දෙක තුළ අපිට ඕන විදිහට ක්‍රීඩා කළේ නෑ. මෙ ඉන්න ක්‍රීඩකයන්ටම තමයි ගොඩ එන්නත් පුළුවන්.” යනුවෙන් උපුල් තරංග වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

59791-vjkqvnviry-1496551971

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...