නායකයෙක් ලෙස ලැබූ දරුණුම පරාජයයි

2025 මාර්තු මස 18 පෙ.ව. 01:30 - {{hitsCtrl.values.hits}}  

1දකුණු අප්‍රිකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාවේ පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරජයට පත්වීම තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලැබූ දරුණුම පරාජය බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14දා) ඉනිමක හා ලකුණු 118ක පරාජයක් ලැබීය.

නායකයෙකු ලෙස මම විවිධ පරාජයන්හි පාර්ශ්වකරුවෙකු බවට පත්ව තිබෙනවා. නමුත් මෙය තමයි නායකයෙකු ලෙස මම ලැබූ දරුණුම පරාජය. අපි මීට වඩා දෙයක් කරන්න හිටියේ. නමුත් නැගිටීමක් සිදු වුණේ නෑ. මමත් ඇතුළුව අපේ පිතිකරුවන් හොඳින් දක්ෂතා දැක්වූයේ නෑ.

අපි පුහුණුවීම් ඉතාමත් හොඳින් කළා. තණකොල සහිත තනතීරු වල පවා අපි පුහුණුවීම් කළා. නමුත් මේ වගේ තණතීරු ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම අපහසුයි. නමුත් පළමු පෙළ තරග සඳහා තණකොළ සහිත තණතීරු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට මේ හොඳම අවස්ථාවයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...