පන්නිපිටිය ධර්මපාල විදුහලේ නව තණතිලි හෙට විවෘත කෙරේ

2024 දෙසැම්බර් මස 23 ප.ව. 01:44 - {{hitsCtrl.values.hits}}  

අක්කර පහමාරක භූමිභාගයක රුපියල් මිලියන තිහක වියදමකින් ඉදිවන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි (ටර්ෆ් විකට්ටු) හතක් හා පැති විකට්ටු හයක් විවෘත කිරීම හෙට (01දා) සිදුකෙරේ.

අභිනවයෙන් ඉදිකළ මෙම තණතිලි විවෘත කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

තණතිලි සහ ක්‍රිකට් ක්‍රීඩාංගණය අභිනවයෙන් සැකසීමට රුපියල් මිලියන 17ක් වැය වී ඇති අතර, මීටර 400ක මලල ක්‍රීඩා ධාවනපථය පාපන්දු හා රගර් පිටිය වොලිබෝල් හා බීච් වොලිබෝල් ක්‍රීඩාංගණ ඇතුළු වෙනත් මලල ක්‍රීඩා පහසුකම් තවත් මිලියන 11ක වියදමකින් ඉදිරියේදී නිමාවට පත් කෙරේ.

මීට අමතරව මිලියන 20කින් ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය නවීකරණය කීරීම, ක්‍රිකට් උපකරණ ගබඩා කාමර ඉදිකිරීම හා නැරඹුම් මණ්ඩපයක් ඉදිකිරීමද ඉදිරියේදී සිදුකෙරේ.

ආදී ධර්මපාල ක්‍රීඩා සමාජය, ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, වත්මන් හා පෙර ගුරුදෙගුරුන් හා සිසුන්ගේ සහයෝගයෙන් මෙහි ඉදිකිරීම් 2016 වසරේ එවක විදුහල්පති කේ.ජී. විමලරත්න මහතා ආරම්භ කළ අතර, වත්මන් විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා මේ කටයුතු ඉදිරියට ගෙන යමින් සිටී.

ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රීඩාංගණය ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමේදී ප්‍රධාන දායකත්වය දැරීමට ක්‍රියා කළේය. මීට අමතරව ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරිත්‍යාගශීලීන්, සමාජ සේවා සංවිධානයන්ට අමතරව විද්‍යාලීයය ආදී හා වත්මන් සිසුන් පා ගමන් මගින් එක්වූ ආධාරද උපයෝගී කර ගැනිණි. සැප්තැම්බර් මස 01වැනිදා සවස 2ට තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නව තණතිලි විවෘත කිරීමෙන් පසු එය සැමරීමට ධර්මපාල ආදි සිසුන්ගේ ක්‍රිකට් කණ්ඩායම හා ඕල්කට් විද්‍යාල ආදි සිසුන්ගේ ඒකාබද්ධ කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගයක් සංවිධානය කර තිබේ.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිකරන ලද්දේ 1940 වසරේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ප්‍රදානය කළ භූමිභාගයකය. මෙම විදුහල ශ්‍රී ලංකාවේ ප්‍රධානම බෞද්ධ මිශ්‍ර පාසලයි. දැනට එහි සිසුන් 5000ක් ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 300කි.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...