ප්‍රංශය‌ ලෝක කුසලාන අවසන් තරගයට

2025 මාර්තු මස 17 පෙ.ව. 12:43 - {{hitsCtrl.values.hits}}  

පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ බෙල්ජියම් කණ්ඩායම හා පැවැති අවසන් පූර්ව තරගය 1-0ක් ලෙස ජයගනමිනි.

තරගයේ 51 වැනි විනාඩියේදී  සැමුවෙල් උම්ටිටි වාර්තා කළ ගෝලය තරගයේ වාර්තා වූ එකම ගෝලය විය.  එංගලන්ත කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අද පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට ප්‍රංශය හා තරග කරනු ඇත.

1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට  ප්‍රංශ කණ්ඩායම සමත්විය. මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.

2016 වසරෙන් පසුව බෙල්ජියම් පාපන්දු කණ්ඩායමක් පළමු වරට පරාජය පත්වූයේ මෙම තරගයේදීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...