ප්‍රථමවරට ක්‍රොඒෂියාව අවසන් තරගට

2025 මාර්තු මස 17 පෙ.ව. 12:38 - {{hitsCtrl.values.hits}}  

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.

ඒ ඊයේ (11දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

ක්‍රොඒෂියාව මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වූයේ පස්වැනි අවස්ථාවටය. තරගයේ 5 වැනි විනාඩියේදී එංගලන්ත ක්‍රීඩක ට්‍රිපර් ගෝලයක් වාර්තා කරමින් පෙරමුණ ගත්තත් දෙවැනි අර්ධයේ 68 වැනි විනාඩියේදී පෙරිසික් ක්‍රොඒෂියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් තරගය සමකළේය.

ඉන් අනතුරුව අතිරේක කාලයේදී එනම් 109 වැනි විනාඩියේදී මැන්ඩ්සුකික් වාර්තා කළ ගෝලය හේතුවෙන් එංගලන්තයට තරගයේ පරාජය බාර ගැනීමට සිදුවිය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...