2025 මාර්තු මස 17 ප.ව. 02:03 - {{hitsCtrl.values.hits}}
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවත්වෙන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය. ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ ගුර්ජර් සන්ඩර් සිංග් විසින් (මීටර 60.36) දිනාගන්නා ලද අතර චීනයේ ගුවෝ චන්ලින්ග් විසින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලද අතර ඔහු විසිකරන ලද දුර ප්‍රමාණය මීටර 56.14 කි. මෙවර ලන්ඩන් ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගී වූ අතර, අමරා ඉන්දුමතී (ටී-47 මීටර 200 සහ මීටර 800) සහ අනිල් ප්‍රසන්න (ටී-52 මීටර 200) සෙසු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙති.
මෙම තරගාවලිය ජූලි 14 සිට 23 දක්වා පැවැත්වේ.
![]() |
diary Read more... |