පාකිස්තානයේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ජීවිතක්ෂයට

2025 මාර්තු මස 18 පෙ.ව. 11:00 - 86  

Capture(1014)පාකිස්තානයේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙන්ම පාකිස්තානයේ ජීවත්වූ වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා වෙන ඉමතියාස් අහමඩ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පපුවේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත ඔහු මිය ගොස් තිබෙන්නේ සිය 89 වැනි උපන්දිනයෙන් දින 5ට පමණ පසුවයි.

 1952-1962 කාලසීමාවේදී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ ඉමිතියාස් ටෙස්ට් තරග 41කට ක්‍රීඩා කර ඇත. පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම තරග හතරකදී මෙහෙයවා ඇති ඉමිතියාස් ලකුණු 2079ක් රැස්කර තිබේ. පාකිස්තානයේ පළමු නිල ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයෙකුද වූ ඉමිතියාස් සිය පළමු පෙළ තරග දිවිය ආරම්භ කරන්නේ අවුරුදු 16දීය.  

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...