පාසල් ක්‍රිකට් නංවන්න අධ්‍යාපන ඇමති සූදානම්

2025 මාර්තු මස 17 ප.ව. 03:03 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සඳහා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් නිසි පරිදි සංචිතයකට ඇතුළත් නොවීමද හේතුවක් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ගේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් මෙම හමුව පැවැත්විණි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් පාසල් සංචිත පත්කිරීමේදී සහ ඔවුන් අතරින් ජාත්‍යන්තර කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සිදුවූ විවිධ අකටයුතුකම් ක්‍රීඩාවේ ඇදවැටීමට හේතු වී ඇති බවට පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පැවැසූ බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් ප්‍රශ්න කරයි.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කොට එහිද උපදෙස් ලබාගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට තමන් නායකත්වය ලබාදෙන බවයි.

එමෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතය නම් කිරීමේදී ඒ සඳහා විනිවිදභාවයෙන් යුත් තෝරාගැනීමේ නිර්ණායක සකස් කිරීමේ අවශ්‍යතාවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට පසුගිය දශකයකට ආසන්න කාලයේ සිදුවූ  පාසල් ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ ගැටලු මූලික වී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.

ඒ අනුව පාසල්වලින් බිහිවන දක්ෂතම ක්‍රීඩකයන් නිසි අයුරින් හඳුනා ගනිමින් සමස්ත දිවයිනම ආවරණය කරමින් පනහකගෙන් පමණ සමන්විත පාසල් ක්‍රිකට් සංචිතයක් ඇති කිරීම සඳහාද එහිදී අවධානය යොමුවිය.

නිරෝෂා ප්‍රියදර්ශනී

3K1A0362

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...